රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ LNW :
1961 අංක 31 දරණ ආයුර්වේද පනතට අදාළ නව සංශෝධනවලට එරෙහිව දේශීය වෙදකමේ අනාගතය සුරැකීම සඳහා දේශීය උරුමය රැක ගැනීමට සියලු දෙනා එක්වෙමු යන මැයෙන් පවත්වනු ලබන “දේශීය වෙදකම රැකගැනීමේ සත්‍යග්‍රහය” සඳහා 2026 ජූලි14 වැනි අඟහරුවාදා පෙ.ව.9.00ට එනම් අද දින ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට දී මෙයට සහය දැක්වීමට කැමති සියළු දෙනාටම සුදුවතින් සැරසී සහභාගී වන ලෙස සමස්ත ලංකා රජයේ ලියාපදිංචි දේශීය වෛද්‍යවරුන්ගේ සංගමය සියලු දෙනාටම ආරාධනා කර සිටී.



