ට්‍රම්ප් පරිපාලනය විදෙස් සිසුන් සඳහා ශිෂ්‍ය වීසා නීති දැඩි කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් විදේශීය සිසුන් හා විදේශීය මාධ්‍යවේදීන් සඳහා වීසා නීති දැඩි කරන නව රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබේ.

නව නීති අනුව, F (ශිෂ්‍ය) සහ J (හුවමාරු වැඩසටහන්) වීසා හිමියන්ට පෙර පැවති “අධ්‍යයන කාලය පුරා රැඳී සිටීම” (duration of status) වෙනුවට උපරිම වසර 4ක ස්ථාවර රැඳී සිටීමේ කාලයක් නියම කර ඇත. එම කාලය ඉක්මවා අධ්‍යයනය හෝ වැඩසටහන දිගු කරන්නේ නම්, වීසා දීර්ඝ කිරීම සඳහා වෙනම අයදුම් කිරීම අවශ්‍ය වේ.

ඒ අනුව, උපාධිය අවසන් කිරීමෙන් පසු රට හැර යාම සඳහා ලබාදෙන සහන කාලය දින 60 සිට දින 30 දක්වා අඩු කර ඇති අතර විශ්වවිද්‍යාලය හෝ අධ්‍යයන වැඩසටහන වෙනස් කිරීමට ද දැඩි අනුමැතියක් අවශ්‍ය වනු ඇත. වීසා යටතේ පැමිණෙන විදේශීය මාධ්‍යවේදීන්ගේ වීසා කාලය දින 240කට සීමා කර ඇති අතර, චීන මාධ්‍යවේදීන් සඳහා එය දින 90ක් ලෙස නියම කර ඇත.

අමෙරිකානු දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) පවසන්නේ මෙම වෙනස්කම් වීසා පද්ධතියේ අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ වීසා අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම අරමුණු කරගෙන සිදුකර ඇති බවයි. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මෙම නීති නිසා ජාත්‍යන්තර සිසුන් අමෙරිකාව තෝරා ගැනීම අඩුවිය හැකි බවට සහ විශ්වවිද්‍යාලවලට මූල්‍යමය හා අධ්‍යාපනික බලපෑම් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...