ඇමති එරංග සහ මන්ත්‍රී මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, 2022 අරගල සමයේදී සිදුකළ උද්ඝෝෂණයකට අදාළ නඩුවක් අද (17) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

මෙසේ වරෙන්තු නිකුත් කරන ලද්දේ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, ධානිෂ් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, උදයංග කුමාර සහ කොස්වත්තේ මහානාම හිමි යන අය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ය.

ඇපකරුවන්ට ද නොතීසි නිකුත් කළ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා නඩුව දෙසැම්බර් 04 වනදා දක්වා කල්තබන ලෙසයි නියම කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට මීටපෙර අවස්ථා දෙකකදී ද අරගල සමයේ සිද්ධියක් සහ මූල්‍ය වංචාවක් සම්බන්ධ නඩු දෙකකට අදාළව වරෙන්තු නිකුත් කෙරුණු නමුත් පොලීසිය ඔහුව සොයාගොස් අත් අඩංගුවට ගැනීමක් සිදුකළේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...