උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස වැඩිකිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට ජනතාවගෙන් 90%ක්ම එකඟ බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“විපක්ෂය බොහෝ දේවල්වලට විරුද්ධ වෙනවා නම් ඒකෙන් ජනතාවට තේරුම් ගන්න පුළුවන් ආ එහෙනම් මේ ආණ්ඩුව කරන්න යන්නෙ ප්රගතිශීලී දෙයක් කියලා. දැන් අපේ රටේ එක කාලයක් විශ්රාම වයස අවුරුදු 55 යිනෙ. දැන් 60 යිනෙ. ඒ වගේ වෙනස්කම් ගොඩක් තියෙනවා. ජනතාවගේ පැත්තෙන් නම් 90% ක් විතර මේක කරන්න ඕනෙ කියන පැත්තේ ඉන්නේ”
කේ. ඩී. ලාල්කාන්ත අමාත්යවරයා මේ බව පැවසුවේ පසුගියදා මහනුවර නගරයේ සංවර්ධන ව්යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදී මාධ්ය වෙත අදහස් දක්වමිනි.


