ප්රසිද්ධ නිමි ඇඳුම් ව්යාපාරයක් වන “හවුස් ඔෆ් ෆැෂන්ස්” සමාගමේ හිමිකරු වන ප්රීති ජයවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය ඊයේ (17) නියම කර තිබේ.
ශ්රී ලංකා රේගුව මගින් සිදුකරන විමර්ශනයකට අදාළව රේගු නිලධාරීන් පිරිසක් පෙරේදා අලුයම ප්රීති ජයවර්ධන මහතාගේ නිවසට පැමිණ ඔහුව අත් අඩංගුවට ගෙන තිබිණි.
ඔහු අත් අඩංගුවේ පසුවෙද්දී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර එහි ප්රතිකාර ලබමින් සිටියදී කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා එහි පැමිණ ඔහුව නිරීක්ෂණය කර, ඔහුව රිමාන්ඩ් කිරීමට නියම කර ඇත.
ඒ අනුව ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වනවිට කොළඹ ජාතික රෝහලෙහි ප්රතිකාර ලබමින් සිටින බව සඳහන්.


