විවිධ වගාක්රම සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන් ජනතාව රවටමින් මූල්ය වංචාවල නියැළෙන වගා සමාගම්වලට එරෙහිව බලධාරීන් විසින් දැඩි ක්රියාමාර්ග ගත යුතුව ඇති බව රුහුණු විශ්වවිද්යාලයේ ජ්යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්රභාත් වීරසිංහ මහතා පවසයි.
සක්විති රණසිංහ, හුංගම දඬුවම් මුදලාලි වැන්නන්ගේ මූල්ය වංචාවන් ආකාරයෙන්ම මෙකී වගා සමාගම් ද ක්රියාත්මක වන බව පෙන්වා දුන් ආචාර්ය ප්රභාත් වීරසිංහ මහතා මේවා ග්රාමීය ජනතාවගේ ජන ජීවිතය විනාශ කරමින් ඔවුන් බංකොලොත්භාවයට ඇද දමමින් දැවැන්ත සමාජ ඛේදවාචක නිර්මාණය කිරීමේ බරපතළ අනතුරක් පවතින බවයි අවධාරණය කළේ.
ඒ අනුව මේ වංචනික වගා සමාගම්වලට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගැනීමේ බරපතළ වගකීමක් ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය බුද්ධි ඒකකය (FIU) සහ අනෙකුත් මූල්ය අපරාධ විමර්ශන අංශ වෙත පැවරී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.


