රෂිකා හෙන්නායක ජූලි 20, කොළඹ LNW :
මහනුවර, නට්ටාරන්පොත ප්රදේශයේ පිහිටි සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ (ASP) නිවසකින් සක්රීය අත්බෝම්බ තුනක් සහ කඩු ඇතුළු අවි තොගයක් සොයාගෙන තිබේ.
මහනුවර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර එම අවි අත්අඩංගුවට ගනු ලැබුවේ, අදාළ සහකාර පොලිස් අධිකාරිවරයාගේ බිරිඳ විසින් මහනුවර ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට ලබා දුන් තොරතුරක් මත පදනම්වය.
උතුරු පළාතේ පොලිස් කොට්ඨාසයකට අනුයුක්තව සේවය කළ මෙම නිලධාරියා තම බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ මෙම කුලී නිවසේ පදිංචිව සිට ඇති නමුත්, කලක සිට සැමියා සහ බිරිඳ අතර පවුල් ආරවුලක් පැවති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම අවි නිලධාරියාගේ ඇඳුම් අල්මාරිය තුළ සඟවා තිබූ බවත්, වැඩිදුර පියවර ගැනීම සඳහා ඒවා පල්ලෙකැලේ පොලිසිය වෙත භාර දුන් බවත් පොලිසිය පැවසීය.
පල්ලෙකැලේ පොලිසිය සහ මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.


