විදුලි බිල වැඩි කිරීමට එරෙහි අරගලයක් අරඹනවා ! – විපක්ෂනායක

Date:

රටේ සිදුවන ආර්ථික ප්‍රතිව්‍යුගතකරණ වැඩපිලිවෙලේ අසහනකාරී පීඩනකාරී තත්ත්වයකට වර්තමාන සමාජය මුහුණ දී ඇති බවත් විදුලි බිල වැඩි කිරීම විපක්ෂයක් ලෙස ප්‍රතික්ෂේප කරන බවත් වසර ගනණාවක් පුරා සිදු වූ දූෂණ වංචාවල ප්‍රතිඵල මේ වනවිට ජනතාවට සහ ආගමික නායකයන්ට පවා විදීමට සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එබැවින් හෙට දිනයේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් දැවැන්ත හඬක් නගන බවත් පාලකයන් විසින් රටේ දූෂණ වංචා සිදු කරන විට එම දූෂණ වංචා විවේචනය කිරීමේ අයිතිය මහනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයන් සතු අයිතියක් බවත් පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ එවැනි අවස්ථාවක රජයේ ඉහල තනතුරු දරන පුද්ගලයන් ආගමික නායකයන්ව අපහසුතාවට පත්වන ආකාරයට අපහාස කරන්නේ නම් එය තරයේ හෙලා දකින බවයි.

අන්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මහා සංඝරත්නය ඇතුලු ආගමික නායකයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය.

ප්‍රතිපත්තියක් ලෙස විපක්ෂය සහ සමගි ජන බලවේගය කිසිදිනක ආගමික නායකයන්ට සහ ආගම්වලට අපහාස වන කිසිදු දෙයක් සිදු නොකරන බවද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...