ඉරාන මහ බැංකුව සහ රජයේ වෙබ් අඩවිවලට හැකර් ප්‍රහාරයක්!

ඉරාන වැසියනි ඔබ තනිවී නැහැ. පීඩිත පාලනයට එරෙහිව අපි ඔබ සමඟයි – හැකර්වරුන්ගේ එකමුතුවක් ඉරාන රජයට එරෙහිව අවි අමෝරයි!

ඉරානයේ මහ බැංකුව සහ එරට රජයේ වෙබ් අඩවිවලට හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉරාන මහ බැංකුව ඇතුළු රජයේ වෙබ් අඩවිවලට පිවිසුම අද (21) දින අවහිර වී තිබේ.

මෙම හැකර් ප්‍රහාරය දියත්කර තිබෙන්නේ තනි හැකර් කණ්ඩායමක් විසින් නොවන අතර, අන්තර්ජාල හැකර්වරුන්ගේ එකුමුතුවක් විසින් බවයි වාර්තා වන්නේ.

මෙම හැකර්වරුන්ගේ එකමුතුව, වෙබ් අඩවි අවහිර කිරීම ව්‍යාපාරයක් සේ පවත්වාගෙන යන, තමා හැකර් ක්‍රියාධරයන් (hacktivist) යනුවෙන් හඳුන්වා ගන්නා “ඇනෝනිමස්” නම් හැකර් ව්‍යාපාරය හා සබඳතාවයක් තිබෙන බවයි ඊශ්‍රායලයේ ප්‍රමුඛතම පුවත් වෙබ් අඩවියක් වන ජෙරුසලම් පෝස්ට් වාර්තා කරන්නේ.

මෙම හැකර් එකමුතුවේ නම ස්පයිඩර් (Spid3r) වන අතර, තම එකමුතුව ඉරාන රජයේ වෙබ් අඩවි හැක්කළ බව සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

එමෙන්ම, මෙවන් හැකර් ප්‍රහාර සිදුකරන්නේ, ඉරාන රජයට විරෝධය පාන ජනතාව වෙනුවෙන් සයිබර් මෙහෙයුම්වලට සහාය පළකිරීමේ අරමුණින් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඉරානයේ ඒකාධිපති පාලනය සහ මිනීමරු පොලිස් නිලධාරීන් පවතින තුරාවට ඔවුන්ගේ අන්තර්ජාල පැවැත්ම අතුගා දැමීමට මෙවන් මෙහෙයුම් දිගටම දියත් කරනු ඇති බවත්, ඉරානයේ පීඩිත පාලනය හමුවේ ඉරාන ජනතාව තනිවී නැති බවත් ඔවුහු වැඩිදුරටත් තම සමාජ මාධ්‍ය සටහන හරහා පවසා සිටිති.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...