*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/22

1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමේ විස්තර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියි. – මේ පිළිබඳව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ සිල්වා මහතා පවසන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන බවයි.

2. ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ උද්ධමනය ජූලි මාසයේ පැවති සියයට 66.7 සිට අගෝස්තු මාසයේ සියයට 70.2 දක්වා වැඩි වෙයි. – ආහාර උද්ධමනය ජූලි මාසයේ දී සියයට 82.5 ක් වන අතර අගෝස්තු මාසයේ දී සියයට 84.6 ලෙස සටහන් වෙයි.

3. ඔක්තෝබර් 20 වන දා වන විට ගල් අඟුරු තොග නැවත පුරවා නොගතහොත් පැය 10 ක විදුලිය කැපීමේ අවදානමක්! – විදුලි උත්පාදනයට ගල් අඟුරු මිලදී ගැනීම සඳහා නව ටෙන්ඩර් කැඳවීම මඟින් පළමුව තේරීපත් වූ ලංසුකරු, එල්ල වී ඇති මතභේද සහ නඩු තර්ජන හේතුවෙන් එම ක්‍රියාවලියට දායකවීම ප්‍රතික්ෂේප කරයි.

4. ත්‍රිපෝෂ වල Aflatoxin නමැති රසායනය ද්‍රව්‍යය අඩංගු නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. – මෙවැනි පදනම් විරහිත ප්‍රකාශයක් කළ සෞඛ්‍ය නිලධාරියාට එරෙහිව පියවර ගන්නා බවට අනතුරු අඟවයි.

5. ආර්ථීක අර්බුදයට හේතු සොයා බලා වගකිවයුතු පුද්ගලයන් හඳුනාගෙන අනාගතයේදී එවැනි අර්බුද වළක්වා ගැනීමට ගත යුතු පියවර තීරණය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු 34ක් පමණ කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා සිටිති.

6. සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා වන බදු අඩු කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

7. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මුහුණ දීමට සහාය වීම සඳහා මෙරටින් සංක්‍රමණික සේවකයන් 10,000 කට රැකියා අවස්ථා ලබා දීමට මැලේසියානු රජය එකඟ වෙයි.

8. බදු පැහැර හැරීම්වලට සහාය දීමට අදාළව ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ වරලත් ගණකාධිකාරීවරුන් බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි! – මේ සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පවසන හිටපු අමාත්‍යවරයා, නියමිත බදු අය කරන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය නොවන බව ද ප්‍රකාශ කරයි.

9. නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිධුරයට පත්වීමෙන් පසු එහි භාණ්ඩාගාර බිල්පත්වල (මුදල් මුද්‍රණයේ) ඉහළයාම රු. බිලියන 643 ක් තරම් වූ අතිවිශාල අගයක් ගෙන ඇති බව මහ බැංකු දත්ත පෙන්නුම් කරයි. – මෙය දිනකට සාමාන්‍යයෙන් රු. බිලියන 3.92 ක පමණ ඉහළ යාමක් වන අතර, ඔහුට පෙර සිටි මහ බැංකු අධිපතිවරයාගේ ධුරකාලය තුළ මුද්‍රණය කළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයට වඩා සියයට 78 ක ඉහළ යාමකි.

10. ආන්දෝලනාත්මක බහු විවාහ නීතිය මුස්ලිම් පිරිමින්ට අදාළව තවදුරටත් පවත්වා ගැනීමට මුස්ලිම් නීති ප්‍රතිසංස්කරණ සඳහා වූ කමිටුව යෝජනා කරයි! – අවසන් යෝජනාව අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan