රාජ්‍ය නිළධාරීන්ගේ ඇඳුම් ගැන අලුත් චක්‍රලේඛයක් එයි

රාජ්‍ය නිළධාරීන් සේවයට වාර්තා කිරීමේදී භාවිතා කළයුතු ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසනවා. ඊට අදාල උපදෙස් මේ වනවිටත් ලබා දී ඇති බවයි ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.

කාන්තාවන් සේවයට වාර්තා කිරීමේදී සාරිය, ඔසරිය හෝ වෙනත් සුදුසු ඇඳුමක් භාවිතා කළහැකි බවට මීට පෙර චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබා දී තිබිණි. කෙසේ වෙතත් ඇතැම් රාජ්‍ය නිළධාරීන් එම උපදෙස් නිවැරදිව තේරුම් ගෙන නොමැති බවත්, සුදුසු ගැලපෙන කාර්යාල ඇඳුමක් යන්න අමතක කර මුල් කොටස පමණක් ක්‍රියාත්මක කරන බවත්, ලේකම්වරයා පවසනවා.

මෙම තත්වය මත කාන්තාවන් සඳහා සුදුසු කාර්යාල ඇඳුමක් භාවිතා කිරීමට ඉඩ දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...