නලින් බණ්ඩාරට එරෙහිව ක්‍රිකට් සභාපති පොලීසි ගිහින්

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට එරෙහිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. ඊයේ පස්වරුවේ කුරුඳුවත්ත පොලීසිය වෙත මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පසුගිය 20 වැනිදා තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සමග තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජය වෙත පැමිණි තිබෙන බවත් කෙසේ නමුත් තමා එම අවස්ථාවේදී එහි නොසිටි බවත් ක්‍රිකට් සභාපතිවරයා සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කරනවා.

පසුගිය දින කිහිපය තුළ ශම්මි සිල්වා මහතා සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා අතර යම් මතගැටුමක් නිර්මාණය විය. ඒ, ආසියානු කුසලාන ජයග්‍රහණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත සිදුකර තිබූ ප්‍රකාශයක් හේතුවෙනි. ශම්මි සිල්වා මහතා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට මාධ්‍ය හරහාම ප්‍රතිචාර දක්වා තිබූ අතර ඉන් අනතුරුව නලින් බණ්ඩාර මහතා යළිත් ක්‍රිකට් සභාපතිවරයාට ප්‍රතිචාර දක්වා තිබිණි.

මෙම මතගැටුම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස තමා සොයා පැමිණීමට හේතු වන්නට ඇති බවයි ශම්මි සිල්වා මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...