හරක් කටාගේ බිරිඳගෙන් අල්ලස් ගැනීම:රඛිත, චරිත් ඇතුළු තිදෙනාට ඇප!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනාම ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක්කටා නැමැත්තාගේ බිරිඳගෙන් සැකකරුවන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබා ගත් බවට ලද චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

සාධාරණ ඇප කොන්දේසි ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ඔවුන්ට රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුවූ අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට ඇප ලැබී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...