දරු දුක කොතැන ලා දරන්නද ?

කිනම් බසකින් කියන්න ද
කෙබඳු කවියක් ලියන්න ද
කවර න්‍යායෙන් හිතන්න ද
කොතැන ලා දුක දරන්න ද

සරු පස සදන හැටි ගැන
තරු දිනන සක්වළ දිග පළල ගැන
දන්නා සියළු මිනිසුනි
දරු දුක මනින මිනුම කිව මැන

මේ මගේ දරුවා
සිටියේ ඇකයෙ ගුලි වී
මේ මගේ දරුවා
රැක්කෙ ලේ පවා උණු කොට දී
මේ මගේ දරුවා
මල් බඳු පා සිප ගත්තෙ
දණින් වැටි වැටි නැවි නැවී
ඒ මගේ දරුවා
නික්ම යන විට
සක්වළ ගල පවා නැද්ද සෙලවී

ඇට ලේ මස් මිදුළු වැද
කිඳුණු බැඳුමක
හටගත් හැම දෙයක
අරුත සුන් වෙන දින
කොටසක් නො වේ ; මුළු දිවි අරුත
දිය වෙන තැන
මට මේ දුක දරන හැටි ⁣
කියා දෙනු මැන

~ කල්පනා ඇම්බ්‍රෝස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...