විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකරන්නේ යුක්තිය සාධාරණය ඉක්මනින් ඉටුකරලා දෙන්නයි – ඇමති සමන්ත

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය කටයුතු කිරීම යනු අවංකවම මේ රට ගැන හැඟීමක් ඇති මිනිසුන්ට සතුටුදායක පුවතක් බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“අධිකරණ වැඩිකරන්න තියෙනවා, අධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරු වැඩිකරන්න තියෙනවා, ඊළඟට ඒක ප්‍රමාණවත් නොවන හින්දා අපි දැනට සාකච්ඡා කරමින් යනවා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව ටිකක් වැඩිකරලා යුක්තිය සාධාරණත්වය ඉක්මනින් ඉටුකරලා දෙන ක්‍රමවේදය සකස් කරන්න. ඉතින් දැන් ඒකෙ ප්‍රතිඵල ටිකෙන් ටිකෙන් එන්න පටන් අරන් තියෙන්නෙ. නඩු වේගවත් වෙලා තිබෙනවා, තීන්දු ලබාදෙන්න පටන් අරන් තිබෙනවා. අවංකව මේ රට ගැන හැඟීමක් තියෙන මිනිස්සුන්ට සතුදායක පුවතක් කියලා මම හිතනවා මේ කාරණය”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල, තෙල්බැද්ද NPP කොට්ඨාස සභාව ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...