ඇමරිකාවේ නව වෙළඳ වාරණයන්ට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:ඇමරිකාව විදෙස් රටවල නිෂ්පාදිත විදුලිබල ඉන්වටර් හා අධි තාක්ෂණ රෝබෝ උපකරණ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳ චීනය දැඩි විරෝධය පළ කරනවා. චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඇමරිකාවේ තීරණය සම්බන්ධව අදහස් දක්වමින් මේ බව පැවසුවා.

පසුගිය 28 වැනිදා ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම(FCC) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ විදේශීය නිෂ්පාදිත විදුලිබල ඉන්වටර් සහ අධි තාක්ෂණ රොබෝ උපකරණ එරට සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කරන බවයි. අදාළ නව නිෂ්පාදන මාදිලිවලට එම කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි බැවින් ඇමරිකා වෙළඳපොලේ අලෙවි කිරීමට ඉඩ දිය නොහැකි බවද එහිදී ප්‍රකාශ කෙරුණා. වෙනස් ව සැලකීමක් නොවන බව සඳහන් කරමින් ක්‍රියාත්මක මෙවැනි පියවර සැබවින්ම චීන සමාගම් සහ නිෂ්පාදනවලට එරෙහිව කටයුතු කිරීමක් බවයි චීනය පවසන්නේ. චීනය ඊට දැඩි විරෝධය පළ කරනවා.

සාමාන්‍ය ජාත්‍යන්තර භාණ්ඩ වර්ග වන විදුලිබල ඉන්වටර් හා රෝබෝ උපකරණ වෙළඳාමෙන් ඇමරිකාව ඇතුළු සියලු පාර්ශ්වයන්ට වාසි ලබා ගත හැකි බැවිනි අදාළ සීමාවන් වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. ඇමරිකාව අයුතු ලෙස අදාළ පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් චීනය ඊට අවශ්‍ය ප්‍රතිචාර දක්වන බව ද චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...