2029 වෙනකොට ලංකාවේ ලුක් එක…

මහේෂ් හපුගොඩ

අපේ පඩියෙන් බදු කැපුනට යම් සංතෝෂයක් දැන්නම් නැතුවත් නෙවෙයි. පොතුහැර ගලගෙදර මධ්‍යම අධිවේගී කොටස අපේ රටේ සල්ලිවලින් හැදෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව ඉංගිරිය කොටස අපේ රටේ සල්ලිවලින් හැදෙනවා. මධ්‍යම එකේ ගලගෙදර ගන්නොරුව කොටසත් පිටරට ණය ගන්නේ නැතුව අපේ රටේ මුදලෙන් හදනවාලු. මේවා යම් විදියක සමාජවාදී -ජනතාවාදී ලක්ෂණ. ඒ නිසා සතුටක් තියනවා.

නාගරික ප්‍රදේශවල මෙට්‍රෝ බස් දුවනවා. නැත්නම් දුවන්න ප්ලැන් කරලා තියනවා. තවත් බස් ගෙන්නනවා.

යම් විදියකින් මේ අවුරුද්ද අවසාන වෙනකොට ලංකාවේ පාරවල් වලින් යම් ප්‍රමානයකට ලේලන්ඩ් බස් අයින් වෙලා මෙට්‍රෝ වැටෙන්න පුළුවන්.

එහෙම වැටුණා කියන්නේ ලංකාවේ පාරවල් වල දර්ශනය (පෙනුම) සෑහෙන මට්ටමකට වෙනස් වෙලා ඒක ආසියාවේ දියුණු රටවල ලුක් එකක් ගනීවි. උදාහරණ වශයෙන් මැලේෂියාවේ, සිංගප්පූරුවේ, ජපානයේ නැත්නම් කොරියාවේ නැත්නම් චීනයේ වගේ දසුනක් දක්වා වෙනස් වෙන්න පුළුවන්.

වැඩට යන ලාංකිකයින් ගේ උදැසන දසුනත් වෙනස් වෙන්න පුළුවන්. වැඩිපුර මුදලක් ගෙව්වත් ඒක ලංකාව ඇතුලේ ගුණාත්මක සංවර්ධනයක් වෙනුවෙන් ආයෝජනය වෙනවා නම් මිනිස්සු ඒකත් ඉවසයි.

අපේ බදු සල්ලි විනාශ කරන්නේ නැතුව ඒවා ලංකාවේම සුබසිද්ධිය වෙනුවෙන් ආයෝජනය කරලා ලංකාවේ ලුක් එක ලස්සන උනොත් 2029ට ආයේ එක සුංබුං එක්කෙනෙක්ටවත් චාන්ස් එකක් එන්නේ නැහැ. පෝස්ටර් නැතුවම රටට අනුර තමයි. පෝස්ටර් නැතුවම කොළඹ බිමල්ට තමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 38ක විදේශීය කංසා වැටලීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට ව්‍යාජ බඳවා ගැනීමක් පිළිබඳව SLBFE ආයතනය අනතුරු අඟවයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ඊශ්‍රායලයේ නොමිලේ රැකියා...