අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග, නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

නමුත් විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය සේවාවන් තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන අතර පරිපාලනය විසින් දැනුම් දී ඇත්තේ සිය ගම් ප්‍රදේශ වෙත ආරක්ෂිතව ගමන් කළ හැකි සිසුන්ට පිටත්ව යා හැකි බවයි.

එහෙත් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් නිවෙස් වෙත යාමට නොහැකි සිසුන්ට සරසවි මැදුර නේවාසිකාගාරය හැර විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරිපාලනය දැනුවත් කර රැඳී සිටිය හැකිය.

අවදානම් සහිත පෞද්ගලික නේවාසික ස්ථානවල රැඳී සිටින සිසුන් ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත පැමිණෙන්නේ නම්, ඔවුන් පිළිගෙන අවශ්‍ය වාර්තා පවත්වා ගන්නා ලෙසද නේවාසිකාගාර පාලනාධිකාරියට උපදෙස් ලබා දී ඇත.

කිසිදු සිසුවෙකු නේවාසිකාගාරවලින් පිටව යාමට බල නොකරන බව ද විශ්වවිද්‍යාලය අවධාරණය කරන අතර කාලගුණ තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් විශ්වවිද්‍යාල ප්‍රජාවට සිය ආරක්ෂාව පිළිබඳ උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය පරිපාලනය සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...