ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පරිපාලනමය අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
මාස 16ක පමණ කාලයක සිට පවතින මෙම පුරප්පාඩුව පිරවීම සඳහා අමාත්‍යවරයා විසින් තෝරාගත් පුද්ගලයාට එරෙහිව දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් එම ක්‍රියාවලිය තාවකාලිකව නතර වී ඇති බව බවද සඳහන් වේ.
මීට අමතරව, අභ්‍යන්තර විනය පරීක්ෂණවලට අමාත්‍යවරයා සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් දෙපාර්ශ්වය අතර පවතින ගැටුම තවදුරටත් උග්‍ර වී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හමුවේ වෘත්තීය සමිති ද සිය විරෝධය පළ කරමින් සිටින අතර, ගුවන් සමාගමේ කළමනාකරණ දුර්වලතා පිළිබඳව පාර්ලිමේන්තු කමිටුවල දැඩි විවේචන එල්ල වී ඇත.
මෙම දේශපාලන හා පරිපාලනමය බලපෑම ජාතික ගුවන් සේවයේ ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් වී ඇති බව මින් ගම්‍ය වේ.


