අගෝස්තු 05 , කොළඹ LNW :
වී වර්ගවල වෙන් වෙන් වශයෙන් රු. 44ක ලාභයක් රු. 33ක සහ රු. 31ක ලාභයක් ඇති බව රජය පැවසුවත් 2026 ජුනි 24 වැනිදා හැන්සාඩ් පිටු 1042 අනුව මාස් කන්නයේ නාඩු රු. 120ට, සම්බා රු. 130ට කීරි සම්බා රු. 140ට ගත් බවත් යල කන්නයේ පිරිවැය වැඩි වූයේ ගොයම් කපන්න යන වියදම වැඩි වීම, තෙල් මිල වැඩි වීම නිසා කුඹුරු හාන්න යන වියදම වැඩි වීම නිසා රු. 137ක් වැනි වැඩි මුදලක් වැය වී ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය මේ වන විට ගණන් හදා ඇති බවට කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වී කිලෝවක් නිෂ්පාදනයට එදා රු. 137ක් වැය වන බව පැවසුවත් අද විශාල ලාභයක් ඇති බවට රජය පවසන බවත් රජය ලබා දෙන සහතික මිල හා සංසන්දනය කරන විට මේ ලාභය ගැන බරපතල ගැටලු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
වී වලට ලබා දෙන සහතික මිල ගණනය කිරීමේ දී බරපතල ගැටලු රැසක් ඇති නිසා ඊළග කන්නයේ සිට වී සඳහා හොඳ ප්රබුද්ධ මිල සුත්‍රයක් සකස් කරන ලෙස යෝජනා කරන බවත් ගොවි ජනතාව කියන ආකාරයේ ලාභයක් ගොවියාට නොලැබෙන බවත් මේ සහතික මිල හරහා බරපතළ පාඩුවක් සිදුවන බවට ගොවියා කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම ඕනෑම ආණ්ඩුවක් මුළු අස්වැන්නෙන් මිල දී ගන්නේ 6%ත් 9%ත් අතර ප්‍රමාණයක් බවත් ගොවියන් යම් ප්‍රමාණයක් සිය පාරිභෝජනයට තියා ගන්නා බවත් ඉතිරි 90% මිල දී ගැනීමට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කළ යුතු බවත් දැන් ඔවුන්ට සහන මිලට ණය ලබා දීම සිදු නොවන බවත් මොවුන් අසාදුලේඛන ගත වී ඇති නිසා මේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ ණය ප්රතිව්යුගතකර ආසාධු ලේඛනවලින් ඉවත් කර අඩු පොළි ණය ලබා දීමෙන් වී මිල දී ගත හැකි බවත් විපක්ෂ නායකවරයා රජයට පෙන්වා දුන්නේය.
තවද කවුරු ආණ්ඩුවේ හිටියත් මේ ගැටලුවලට විසදුම් අවශ්‍ය බවත් දැන් පවතින මිල සූත්‍රය දෝෂ සහිත නිසා වැඩපිළිවෙළක් යොදන ලෙස ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


