බොරැල්ල මැගසින් රැඳවියන් 11ක් රෝහලට!

කොළඹ LNW:නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 11 ක් රෝහල් ගත කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.

බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර රැඳවියන් නවදෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමටද පියවර ගෙන ඇති බව ගජනායක මහතා සඳහන් කරයි.

මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිද හමුදාව යොදවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන අතර පවතින තත්ත්වය හමුවේ රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීමද අද දිනට අත්හිටුවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...