ලලිත් – කූගන් නඩුව: ගෝඨාභයට අන්තර්ජාලයෙන් සාක්ෂි දීමට නියෝග

රෂිකා හෙන්නායක අගෝස්තු 07 , කොළඹ LNW :

යාපනයේදී අතුරුදන් වූ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් සම්බන්ධ නඩුවට අදාළව කරුණු විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

ඒ අනුව, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදෙන ලෙස ඔහුට නියෝග කර ඇත.

මෙම නියෝගය මඟින් දක්වා ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් අදාළ සාක්ෂි මෙහෙයවීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාදාමයන්හි තීරණාත්මක පියවරක් ලෙස සැලකිය හැකිය. අධිකරණ බලතල ප්‍රකාරව හිටපු රාජ්‍ය නායකයෙකුට මෙලෙස සාක්ෂි දීමට නියම කිරීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ සුවිශේෂී අවස්ථාවකි.

ලලිත් – කූගන් නඩුව

2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදහන් වූයේ යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන මෙන් රජයට බල කරමින් මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීය.

“යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යාපනය අධි ආරක්ෂක කලාපය තුළදීම අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂට නිකුත් කර තිබූ සිතාසි නියෝග ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයකට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අවසරය දුන්නේ ය. 2011 වසරේ දෙසැම්බර් මස 10 වන දා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබුණි. එහෙත්, එවකට හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් දක්වා තිබුණේ, තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බැවින් යාපනය මහේස්ත්‍රාත්වරයාගේ තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසය.

එය විභාග කළ අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය නොහැකි බවට තීන්දු කළේය. අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවත්, ගෝඨාභය රාජපක්ෂ වර්තමානයේ ජනාධිපතිධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය. එවකට ( 19 ඔක්තෝබර් 2022) පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ නීතීඥ නුවන් බෝපගේය.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...