ඉදිරියේදී ක්‍රිකට් ජයග්‍රහණ වැඩිපුර දකින්න ලැබෙයි, නමුත් ඒකට ටිකක් කල් යයි. දවසින් දෙකෙන් කරන්න බෑ – ඉරාන්

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ගෙනයාම සඳහා ක්‍රමවේදයක් සකස් කරමින් සිටින අතර එහි ප්‍රතිඵල දැකගැනීමට යම් කාලයක් ගතවෙනු ඇති බව ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

“ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මූලික දෙයක් තමයි මේ රටේ තියෙන ක්‍රමය වෙනස් කරන්න, යහපත් පරිපාලනයක් ඇති කරන්න. ඒකට අපි ව්‍යවස්ථාවක් ගේන්න යනවා. ඒ ව්‍යවස්ථාව සකස් කරගෙන යනවා. ඒක පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන ඊටපස්සෙ අපි ඒක ක්‍රියාත්මක කරනවා. ඒකෙන් කිසිම විදියකටවත් ඒකට අත ගහන්න බැහැ. ක්‍රිකට් ඇවිල්ලා ස්වාධීන දෙයක්. අයිසීසී එකේ ප්‍රතිපත්තිය පිළිගන්නවා, ඒ ප්‍රතිපත්තිය අනුව තමයි මේ ව්‍යවස්ථාව සකස් කරලා තියෙන්නෙ”

ප්‍රශ්නය – ඒ ව්‍යවස්ථාවට කාට හරි විරෝධයක් තියෙනවාද ?

“හැමෝම එකඟ වෙන්නෙ නැහැ ප්‍රතිපත්තියකට ආපුවාම, නමුත් වැඩි පිරිසක් එකඟ වෙනවා. මේ රටේ ජනතාව ඉල්ලා සිටිනවා වෙනසක් ඇතිකරන්න. ලංකාවේ ක්‍රිකට් ඉහළටම ගේන්න. ඒකට කරන්න ඕනෙ පළවෙනිම දේ යහපත් පාලන ක්‍රමයක් ඇතිකිරීම. ඒකට කරන්නෙ ව්‍යවස්ථාව හරහා”

ප්‍රශ්නය – ඔබතුමා පරිවර්තන කමිටුව විදියට හිටපු සභාපතිවරුන් හමුවෙන්න යන්නට ඕනෙ කිව්වා ?

“හුඟක් අයව හම්බුවෙලා තියෙනවා. මම ඒක ක්‍රමානුකූලව කරගෙන යනවා, ඒගොල්ලොන්ගෙ අදහසුත් එකතු කරගන්න. අපි බලන්නේ මේකට දේශපාලනයක් නැහැ. අපිට ඕනෙ හොඳම ප්‍රතිඵලය ශ්‍රී ලංකා ක්‍රිකට් එකට. රටම එකතුවෙන දෙයක් ඇවිල්ලා ක්‍රිකට්”

ප්‍රශ්නය – ඉදිරියේදී අපිට ක්‍රිකට් ජයග්‍රහණ වැඩිපුර බලාගන්න හැකියාවක් තියෙයිද ?

“ඔව්, ඒකට කල් යයි. දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයිනෙ. නමුත් අපි ක්‍රමවේදයක් හදනවා, මාර්ගයක් හදනවා. ඒ අනුව මම හිතන්නෙ අපිට ඒකෙ ප්‍රතිඵල ඉදිරියේදී කල් ගිහාම ඒක දකින්නට ලැබෙයි”

ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (08) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...