ඉන්දියාවේ විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස ඉහළට

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඉහළ යමින් පවතින බව ඉන්දීය මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දේ.

ජූලි 10 වැනිදා වනවිට රටේ සමස්ත විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 964කින් වර්ධනය වී ඇති අතර, ඒ අනුව එය ඩොලර් බිලියන 675.157ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ ඉන්දියාවේ විදේශ විනිමය වත්කම් ඉහළ යාමයි. එම වත්කම් අදාළ සතිය තුළ ඩොලර් මිලියන 930කින් ඉහල ගොස් එනම්, ඩොලර් බිලියන 546.508ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එය ඉන්දීය මුදලින් ගත් කළ එය රුපියල් කෝටි 14,078ක පමණ වැඩිවීමකි.

මේ අතර, රටේ රන් සංචිතයද එම කාලසීමාවේදී සුළු වර්ධනයක් වාර්තා කර ඇති අතර රන් සංචිතය ඩොලර් මිලියන 24කින් ඉහළ ගොස් ඇති අතර, එහි සමස්ත වටිනාකම ඩොලර් බිලියන 105.230ක් බවට පත්ව තිබෙනවා.

විදේශ විනිමය වත්කම් සහ රන් සංචිතය යන ප්‍රධාන අංග දෙකෙහිම වර්ධනය හේතුවෙන් ඉන්දියාවේ සමස්ත විදේශ විනිමය සංචිතය ශක්තිමත් වෙමින් පවතින බව මෙම සංඛ්‍යාලේඛන මගින් පැහැදිලිවන අතර De-Risk Forex Consultancy ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ධවාල් ශා පවසන්නේ, වත්මන් වර්ධන වේගය අඛණ්ඩව පැවතුණහොත් ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඉදිරි සති කිහිපය තුළ ඩොලර් බිලියන 700 සීමාව ඉක්මවා යා හැකි බවයි.

ඔහුගේ අදහසට අනුව, සංචිත ශක්තිමත් වීම දිගුකාලීනව ඉන්දීය රුපියලේ ස්ථාවරත්වයට මෙන්ම එහි අගය ශක්තිමත් වීමටද ධනාත්මක බලපෑමක් ඇති කළ හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...