ජපානයේ ඔකිනාවා කලාපයට දැඩි බලපෑම් එල්ල කළ ‘ඩොල්ෆින්’ චණ්ඩ සුළි කුණාටුව චීනය දෙසට

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පැයට කිලෝමීටර් 162ක් පමණ දක්වා වේගවත් සුළං සහ ධාරාණිපාත වර්ෂාපතනයක් සමඟ එන ‘ඩොල්ෆින්’ චණ්ඩ සුළි කුණාටුව ජපානයේ ඔකිනාවා ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල කිරීමෙන් අනතුරුව චීනයේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරමින් පවතී.

කුණාටුව හේතුවෙන් ඔකිනාවාහි පුද්ගලයන් හයදෙනෙකු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලි 50,000කට අධික සංඛ්‍යාවකට විදුලිය ඇනහිට තිබේ. ගුවන් ගමන් රැසක් ද අවලංගු කර ඇත.

චීන කාලගුණ බලධාරීන් Zhejiang, Shanghai ඇතුළු ප්‍රදේශ කිහිපයක ගංවතුර හා නායයෑම් අවදානමක් ඇතිවිය හැල්ස් බවට අනතුරු අඟවා ඇති අතර කුණාටුවට මුහුණදීම සඳහා චීනයේ මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර, ගුවන් ගමන්, තොටුපළ සහ ප්‍රවාහන සේවා රැසක් අත්හිටුවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...