සටහන – රුවන් නෙළුගොල්ල
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගත් මැදිරිගිරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල සභාපති චින්තක ටෙරන්ස් විජේරත්න රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.
ඒ, ඔහු සහ ඔහුගේ බිරිඳ පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පසුගිය 07 වනදා හිඟුරක්ගොඩ දොරදෙක හන්දිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබුණු අතර එහිදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් හමුවී ඇති බව සඳහන්.
චින්තක ටෙරන්ස් විජේරත්නගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.


