හිටපු ජනාධිපති බිරිඳට තර්ජනය කළ අයෙක් CID අත්අඩංගුවට

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකතනයෙන් තර්ජනය කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා සැකකරු අයෝමා රාජපක්ෂ මහත්මියට අවස්ථා 30 කදී දුරකතන ඇමතුම් ලබා දී ඇති අතර ඇයට තර්ජනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබිණි.

පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...