මුලතිව් කුරුන්දි ජාතික උරුමය සුරැකීම මුල්කරගනිමින් අද (26) කොළඹ චතුරශ්‍ර පරිශ්‍රයේ බොදු උරුමය සුරකිමේ ජාතික ව්‍යාපාරය විසින් විරෝධයක් සංවිධානය කර තිබුණා.
දෙමළ කණ්ඩායම් විසින් එම පුදබිමේ සංරක්ෂණ කටයුතු සිදුකිරීමට බාධා එල්ලකරමින් පවතින බවටයි එහිදී චෝදනා කළේ.
මෙයට සහය පළකරමින් එම ස්ථානයට හිටපු ඇමති සරත් වීරසේකර මහතා ද ගොස් මධ්‍යයට අදහස් දක්වා තිබුණි.
එම අවස්ථාවේ සුපුරුදු ලෙස සරත් වීරසේකර මහතාට විරෝධය එල්ල කෙරුණු අතර එම විරෝධයට පැමිණ සිටි පුද්ගලයෙක් වීරසේකර මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් දැඩිව සිය විරෝධය දක්වා තිබුණි.
ASK