ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මහීල් සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, දිවයින පුරා මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම සහ නඩත්තු කිරීම සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය නොකිරීමේ චෝදනාව මත ය.
මහීල් සේනාරත්න හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකි. ඔහු 2010 – 2012 කාල වකවානුවේ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.


