කොළඹ LNW:මෙම වසරේ මුල් මාස හත තුළ චීන ආර්ථිකය සමස්තයක් වශයෙන් ස්ථාවර සංවර්ධනයක් පවත්වා ගෙන ගිය බව චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
2026 වසරේ මුල් මාස හත තුළ චීන ආර්ථිකයට අදාළ විවිධ දත්ත නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඊයේ(17) මේ බව සඳහන් කළා.
පසුගිය ජනවාරි සිට ජූලි මස දක්වා, චීන යුවාන් මිලියන 20 ක් හෝ ඊට වැඩි වාර්ෂික ආදායමක් ඇති කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.3%කින් වැඩි වී ඇති බව අදාළ වාර්තාවන්හි දැක්වෙනවා.
එමෙන්ම එම කාලය තුළ චීනයේ සේවා කර්මාන්තයේ නිෂ්පාදන දර්ශකය 4.7%කින් වැඩි වූ අතර, 17.3%ක වැඩිවීමක් පෙන්නුම් කළ භාණ්ඩ ආනයනය සහ අපනයන නිමැවුම ද චීන යුවාන් බිලියන 30,126.4 ක් බව වාර්තා වනවා. කෙසේ නමුත්, චීනයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (CPI) 0.9%කින් ඉහළ යාමක් පෙන්නුම් කරනවා. මෙම වසරේ දෙවැනි භාගයේදී චීනයේ භාණ්ඩ හා සේවා මිල ගණන් මධ්‍යස්ථ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.
දිනූෂි ධීරසිංහ


