රුසියානු අනතුරු ඇඟවීම නොතකා යුක්රේනයට 100%ක් සහය දෙන බව බ්‍රිතාන්‍යය කියයි

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
රුසියාවෙන් දැඩි අනතුරු ඇඟවීමක් එල්ල වී තිබියදීත්, යුක්රේනයට ලබාදෙන සහය කිසිදු ආකාරයකින් අඩු නොකරන බව බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර ඇත.

රුසියාව මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා යුක්රේනය විසින් රුසියානු භූමියේ සිදුකළ මෑත ප්‍රහාර සඳහා භාවිත කළ බවට පළ වූ වාර්තා පසුබිම් කරගෙනය. බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එම ඩ්‍රෝන භාවිතය පිළිබඳ වාර්තා තහවුරු කර නොමැති නමුත්, යුක්රේනය වෙනුවෙන් තම රටේ ස්ථාවරය වෙනස් නොවන බව අවධාරණය කර තිබේ.

රුසියානු තානාපති කාර්යාලය බ්‍රිතාන්‍යයට ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇති අතර, බ්‍රිතාන්‍යය යුක්රේන යුද්ධයට සම්බන්ධ වීම තවදුරටත් ගැඹුරු කරමින් සිටින බවට මොස්කව් චෝදනා කරයි.

එහෙත් බර්න්හැම් අවධාරණය කර ඇත්තේ “බ්‍රිතාන්‍යය යුක්රේනයට 100%ක් සහය දක්වනු ඇත” යන ස්ථාවරයයි.

යුක්රේනයේ අවශ්‍යතාවයේදී බ්‍රිතාන්‍යය එරට සමඟ සිටින බවත්, රුසියානු තර්ජන හේතුවෙන් එම ප්‍රතිපත්තිය වෙනස් නොවන බවත් ඔහු පවසා ඇති අතර බ්‍රිතාන්‍යය 2026 අවසන් වනවිට යුක්රේනයට ඩ්‍රෝන 150,000ක් ලබාදීමටත්, ඒ සඳහා පවුම් මිලියන 752ක ආධාර ලබාදීමටත් කැපවී ඇති බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...