2026 ලෝක රොබෝ සමුළුව බෙයිජිං හිදී ඇරඹේ!

කොළඹ LNW:මානව-රොබෝ සහජීවනය, නිෂ්පාදන හා ඉල්ලුම් සම්බන්ධීකරණය’ මැයෙන් 2026 ලෝක රොබෝ සමුළුව අද(19) චීනයේ බෙයිජිං හිදී ආරම්භ වුණා.

ගෝලීය රොබෝ ක්ෂේත්‍රයේ ප්‍රධාන ජයග්‍රහණ හා නව නිෂ්පාදන එළිදැක්වීමට, ප්‍රමුඛ පෙළේ තාක්ෂණ හුවමාරුව සඳහා වැදගත් වේදිකාවක් විවෘත කිරීමට මෙන්ම සාමාන්‍ය ජනතාවට අධි තාක්ෂණය පිළිබඳව සෘජු අවබෝධයක් ලබා දීමට මෙන පස් දින සමුළුවෙන් අපේක්ෂා කෙරෙනවා.

මෙවර සමුළුව අතරතුර ජාත්‍යන්තර ආයතන 30ක සහාය ඇතිව, ප්‍රධාන සාකච්ඡා මණ්ඩපය, ප්‍රදර්ශනයන් හා ක්‍රියාකාරකම් 70ක් පැවැත්වීමට නියමිතයි. රොබෝ නිෂ්පාදන ව්‍යවසායන් 300ක් පමණ ප්‍රදර්ශනයට සහභාගි වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 69ක වැඩිවීමක්. අදාළ ප්‍රදර්ශන භාණ්ඩ සංඛ්‍යාව 3000කට අධික වන අතර ඒ තුළ ප්‍රථම වරට එළි දැක්වෙන නිෂ්පාදන 300කට වැඩි බවයි වාර්තා වන්නේ. රොබෝ ප්ලස් භාවිතයන්’ සඳහා එහි විශේෂ ප්‍රදර්ශන කලාප හතරක් වෙන් කර තිබෙනවා. රොබෝ නිෂ්පාදනය, ආහාර හා සිල්ලර අලෙවිය, වෛද්‍ය හා සෞඛ්‍ය සේවා, හදිසි අපදා සේවා යන අවස්ථාවලදී රොබෝ භාවිත කිරීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය එහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි .

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

රොහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...