රෂිකා හෙන්නායක අගෝස්තු 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් රාජධානියේ සසෙක්ස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දිය නෑමට ගිය පලස්තීන ජාතික සරණාගත පියෙකු සහ ඔහුගේ ඥාතීන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අවාසනාවන්ත අනතුරින් එක් කුඩා දැරියක් බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති අතර, පලස්තීන තානාපති කාර්යාලය මේ පිළිබඳව සිය දැඩි අවධානය යොමු කර තිබේ.
යුරෝපය පුරා පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් බොහෝ පිරිස් ජලාශ සහ මුහුද ආශ්‍රිතව ගැවසීම නිසා මෙවැනි මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
බ්‍රිතාන්‍ය අගමැතිවරයාද මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, විවෘත ජලයේ පිහිනීමේදී ඇති විය හැකි අවදානම පිළිබඳව බලධාරීන් මහජනතාවට අනතුරු අඟවා ඇත.


