උතුරු කෙන්යාවේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් ඉක්වදෝරයේ බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු 07ක් මරුට!

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

උතුරු කෙන්යාවේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයන් හත් දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා මගින් අනාවරණය කරයි.

මියගිය පිරිස අතර ඉක්වදෝරයේ බුද්ධි අංශ ප්‍රධානියා සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඇමරිකානු මාධ්‍යවේදියෙකු ඇතුළු විදේශිකයන් පිරිසක් සිටින බව තහවුරු වී ඇත.

සංචාරකයන් රැගත් මෙම යානය ලොයිසාබා ප්‍රදේශයේ සිට සම්බුරු දක්වා පියාසර කරමින් තිබියදී ඔලොලොක්වේ කන්ද ආසන්නයේදී මෙලෙස අනතුරට පත්ව තිබේ.

සහන සේවකයන් සහ ආරක්ෂක අංශ එක්ව දැඩි පරිශ්‍රමයක් යොදමින් මළ සිරුරු මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, අනතුර සිදුවීමට හේතුව සෙවීමට කෙන්යානු සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

කෙන්යාවේ දුරබැහැර සංචාරක ගමනාන්ත වෙත මගීන් ප්‍රවාහනය කිරීමේදී මෙවැනි ගුවන් අනතුරු සිදුවීම මෑත කාලීනව ඉහළ ගොස් ඇති බව ද පෙන්වා දෙයි.

ඉක්වදෝර රජය සහ ඇමරිකානු තානාපති කාර්යාලය මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ නීති පිළිබඳ අතුරු වාර්තාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : පළාත් සභා මැතිවරණ...

එක් පවුලකට රු. ලක්ෂ 50ක්: කන්දකැටියේ පවුල් 41කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිට්වා ආපදා තත්ත්වය...

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ත්‍රස්ත විමර්ශන මධ්‍යස්ථානයක් ලෙස නම් කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...