කොළඹ LNW:ප්‍රවීණ ලේඛක නුවන් ගම්මම්පිල මහතා විසින් රචිත නවතම නවකතාව වන ‘සරකානි’ පසුගිය 18 වැනිදා කොළඹ BMICH හි මිහිලක මැදුරේදී උත්කර්ෂවත් අන්දමින් එළිදැක්විණි.
කෙහෙළි ප්‍රකාශකයන්ගේ නිල ප්රකාශනයක් ලෙස මෙලෙස දොරට වැඩුනු ‘සරකානි’, ආදරය, මානව සබඳතා සහ සමාජීය මෙන්ම මනෝවිද්‍යාත්මක තේමා රැගත් අපූර්ව නිර්මාණයකි.
මීට පෙර ‘ගිරග්ග සමජ්ජ’ (2023) සහ ‘කිසා’ (2024) යන ජනප්‍රිය නවකතා පාඨකයන් වෙත තිළිණ කළ ගම්මම්පිල මහතාගේ සාහිත්‍ය ජීවිතයේ නවතම සන්ධිස්ථානයක් ලෙස මෙම පොත හැඳින්විය හැකිය.
මෙම විශේෂ එළිදැක්වීමේ අවස්ථාවට සාහිත්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළු විශාල පාඨකයන් සංඛ්‍යාවක් එක්ව සිටියහ.
එහිදී කෘතිය පිළිබඳ රසවින්දනාත්මක සහ විචාරාත්මක දේශන ගම්පහ සමිද්ධි හිමි, සුජිත් අක්කරවත්ත, අසංක රුවන් සාගර, සුජීව සිරිමෙවන්, රසික ජයකොඩි, අජානා රාණගල, සුපුන් රත්නායක සහ යේෂා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් විසින් පවත්වනු ලැබීය.
එළිදැක්වුණු මොහොතේ සිටම ‘සරකානි’ නවකතාව සඳහා පාඨකයන්ගෙන් ඉතා ඉහළ සහ උණුසුම් ප්‍රතිචාර හිමිවෙමින් පවතී.
ජායාරූප – හිරුෂිකා අමරසිංහ


















