ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබියදීත් එක්ස්ප්‍රස් පර්ල් වන්දියට මොකද වුණේ? – සජිත් ප්‍රශ්න කරයි

2021 වසරේ සිදු වූ එක්ස්ප්‍රස් පර්ල් සිදුවීමෙන් ශ්‍රී ලංකාවේ වෙරළට, සාගරයට සහ ධිවරයන්ට සහ සමස්ත ආර්ථියකට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි අය කර ගන්න වසර ගණනාවක් ගියත් නොහැකි වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් වන්දි ලබා ගැනීමට පැහැදිලි නීතිමය පදනමක් සකස් කර තිබිය දී තීන්දුවේ නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය හා වන්දි මුදල් අය කර ගැනීම ගැන තවමත් පැහැදිලි තොරතුරු නොමැති නිසා එම තොරතුරු ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

2025 ජුලි 24 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද ඇ. ඩොලර් බිලියන 1ක වන්දි මුදලින් පළමු වාරිකය 2025. 09. 23ට පෙර ලැබී ඇත් ද සේම සම්පූර්ණ වන්දි මුදල ගෙවීමේ අවසන් දිනය වන 2026.07.23 වන විට සම්පූර්ණ මුදල ගෙවා ඇත් ද නැතිනම් රජයට මේ වන විට සැබෑවටම ලැබී ඇති සම්පූර්ණ මුදල් ප්‍රමාණය, ගෙවූ දිනය සහ ගෙවූ පාර්ශ්වයත් තවත් ලැබීමට ඇති වන්දි මුදල් ප්‍රමාණයත් ඉදිරිපත් කරන ලෙසත් එසේ ලැබුණු මුදල බැර වූ ගිණුමත්, ඉන් ධීවර ප්‍රජාවට හෝ පරිසර හානි වැළැක්වීමේ කටයුතුවලට වැය කළේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තාමත් රු. මි. 300ක් ද වන්දි ලෙස ලැබුණේ

වාර්තා වන ආකාරයට 2025. 09. 22 දක්වා ගෙවා ඇත්තේ රු. මි. 300ක් කියා ආරංචියක් ඇති බවත් ඒ බව ෆුල් ජර්නල් එන්ට්‍රි එකේද එය සඳහන් බවත් පළමු වාරිකයෙන් පවා දශම 4ක් පමණක් ගෙවා ඇති බවට වාර්තා වන නිසා සත්‍ය දත්ත ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා සිදුවූ සමස්ත හානිය කොපමණද

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇති ආරම්භක වන්දි මුදලට අමතරව ඇස්තමේන්තු කර ඇති සමස්ත ආර්ථික හා පාරිසරික හානියත් එම පුළුල් හානිය සඳහා අතිරේක වන්දි ගැනීමට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් නැගෙනහිර වෙරළට ආසන්නයේ නිව් ඩයමන්ඩ් නෞකාව ද විනාශ වූ බවත් මේ එක්ස්ප්‍රස් පර්ල් විනාශය නිසා රටට සිදුවූ හානියට අරමුදල් ලබා ගන්න ගත් පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග කවරේද

ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ පරිදි අපරාධ විමර්ශන හා නඩු පැවරීම අවසන් කර ඇත් නම් වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව ගෙන නීතිමය ක්‍රියාමාර්ග සේම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට අනුකූල නොවූ පාර්ශ්වයන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ කාලරාමුව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසමේ ක්‍රියාකාරීත්වයට කුමක්ද සිදු වුයේ

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසමේ වත්මන් ක්‍රියාකාරී තත්ත්වය හා එහි සභාපතිවරයා 2026.3.6 දින ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව කොමිසමේ ක්‍රියාකාරීත්වයට බලපා ඇති නීතිමය පරිපාලනමය හා ව්‍යවස්ථාමය ගැටලු විසදීමට රජය ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙසත් මෙහි ගැටලු රැසක් ඇති නිසා මේ තත්ත්වයන් තුළ බරපතළ ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදේශයේ නඩු පැවරීමට අදාළ කටයුතුවලට සිදු වූ දේ ඉදිරිපත් කරන්න

සිංගප්පුරු අන්තර්ජාතික වානිජ අධිකරණයේ සිවිල් නඩුවක් පැමිණිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇති නිසා මේ නඩුව ගැන ගත් තීරණත් විදේශීය නීති උපදේශන හා වන්දි අය කර ගැනීමට වැය කළ මුදලත් එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හදුනා ගත් රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව ඇතුළු ගැටලු නිරාකරණය කර ගැනීමට ගෙන ඇති ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ නීතිමය තත්ත්වය මෙන්න – බන්ධනාගාරයෙන්ම පහදයි!

කොළඹ LNW:බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම්...

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...