කොළඹ LNW:වත්මන් රජයේ අදූරදර්ශී පාලනය නිසා රටේ ජනතාව විශාල අසරණභාවයකට පත්ව ඇති බවත් බොරුව මුසාව මුලාව නිසා සුවහසක් රටේ ජනතාව රැවටිල්ල නිසා මංමුලා වී ඇති බවත් එදිනෙදා වේල් තුන පිරිමහගන්න බැරි දශලක්ෂ සංඛ්‍යාත ජනතාව පීඩනයෙන් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර මැදවච්චිය යකාවැව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමිනි.
අද රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවත් කෘෂිකාර්මික ජන ජීවිතයක් ගත කරන ජනතාවගේ ගොවිතැන දියුණු කරන කර්මාන්ත පද්ධතිය ශක්තිමත් කර නිෂ්පාදන කර්මාන්ත ඇති කර ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කල හැක්කේ සමගි ජන බලවේගයට බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ගම හදා නගර හදා රට ගොඩනගන නව වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.


