බදුල්ල රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ අභිරහස් අතුරුදන්වීම…

රෂිකා හෙන්නායක අගෝස්තු 24 , කොළඹ LNW :

බදුල්ල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු හදිසියේ අතුරුදන් වී ඇති බව අනාවරණය කෙරේ.

පසුගිය විසිතුන්වනදා උදෑසන රාජකාරියේ නිරතව සිටියදී ඔහු මෙලෙස අතුරුදන්ව ඇති අතර, ඒ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී ඔහුගේ මෝටර් රථය මාපාකඩවැව ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී සොයාගෙන ඇත.

සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණ මගින් එම රථය මහියංගනය දෙසට ධාවනය වූ බවට පොලීසිය විසින් තොරතුරු තහවුරු කරගෙන තිබේ.

අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා ගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් එක්ව මේ වන විට පුළුල් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම සිදුවීමට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් තවදුරටත් ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...