ඉන්ධන නිකුත් කිරීමේදී QR කේත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
“යුධමය තත්ත්වය තවම අවසන් වෙලා නෑ. ඔබ දන්නවානේ හෝමූස්වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව. තෙල් බැරල් මිල ඉහළ යනවා ටිකක් අඩු වෙනවා. තෙල් අර්බුදය තවම විසඳිලා නෑ. රටක් හැටියට දෛනික ජන ජීවිතය අඩාල නොවන ආකාරයට උපරිම වශයෙන් පවත්වාගෙන යාමට තමයි මේ තත්ත්වය උපයෝගී කරගෙන තිබෙන්නේ. මම කළිනුත් කිව්වා තෙල් මිල වැඩිවෙලාත්, QR කෝඩ් එක දාලාත් ඩීසල් අඩුවෙලා තියෙන්නේ 10%යි. පෙට්‍රල් අඩුවෙලා තියෙන්නේ 9%යි පරිභෝජනය. අත්‍යවශ්‍යමය කොටස්වලට ලබා දෙනවා. මම හිතන්නේ තව ටික කාලයක් තෙල් සංස්ථාව කියාවි අපිට මේ විදිහට යන්න සිදුවෙයි කියලා”
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


