බ්‍රිතාන්‍ය ‘ගින්දර සමඟ සෙල්ලම් කරන’ බව රුසියාව කියයි

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) අගෝස්තු 28දින :
බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්ගේ පළමු සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස යුක්රේනයට ලබාදෙන ලද දිගු දුර මිසයිල තාක්ෂණය සම්බන්ධයෙන් රුසියාව දැඩි විරෝධයක් පළ කරමින්, බ්‍රිතාන්‍යය “ගින්දර සමඟ සෙල්ලම් කරන” බවට අනතුරු අඟවා තිබේ.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා සඳහන් කළේ, යුක්රේනය රුසියානු භූමියට බ්‍රිතාන්‍ය නිෂ්පාදිත Storm Shadow දිගු දුර මිසයිල භාවිත කරමින් ප්‍රහාර සිදුකරන්නේ නම්, යුක්රේනය තුළ පමණක් නොව ඉන් පිටත පිහිටි බ්‍රිතාන්‍ය හමුදා ඉලක්කද ප්‍රහාරවලට ලක් විය හැකි බවයි.

මෙම අනතුරු ඇඟවීම පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යය යුක්රේනයට Storm Shadow මිසයිල නිෂ්පාදනය සඳහා අවශ්‍ය වර්ගීකෘත තාක්ෂණික තොරතුරු වෙත ප්‍රවේශය ලබාදීමට තීරණය කිරීමෙන් පසුවය. ප්‍රංශයද එම යුරෝපීය මිසයිල පද්ධතිය සම්බන්ධ තාක්ෂණික සහාය ලබාදීමට එකඟ වී තිබේ.

රුසියාව පවසන්නේ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය මෙවැනි සංවේදී යුද තාක්ෂණික සහාය ලබාදීමෙන් යුක්රේන යුද්ධයේ තත්ත්වය තවදුරටත් උග්‍ර කරන බවයි. මොස්කව් අනතුරු අඟවා ඇත්තේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් “අනපේක්ෂිත සහ බරපතළ ප්‍රතිවිපාක” ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යය යුක්රේනයට ලබාදෙන සහාය අත්හිටුවීමට සූදානම් නොවන බව ප්‍රකාශ කර අැති අතර බ්‍රිතාන්‍ය රජය රුසියාවේ තර්ජන ප්‍රතික්ෂේප කරමින් යුක්රේනයට සහාය දැක්වීම අඛණ්ඩව සිදුකරන බව අවධාරණය කර ඇත.

කෙසේ නමුත්, මාස ගණනාවක් තිස්සේ රුසියාවේ තෙල් පිරිපහදු යටිතල පහසුකම් සහ අනෙකුත් ස්ථාන වෙත යුක්රේන ප්‍රහාර එල්ල කිරීමත් සමඟ වැඩිවන ආර්ථික හානියක් හේතුවෙන් රුසියාව යුක්රේනය සමඟ යුද්ධය තවදුරටත් උත්සන්න කිරීම ගැන සලකා බලමින් සිටින බව විශ්වාස කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...