ජනතාවට පාලකයන් ගැන කිසිම විශ්වාසයක් නෑ – විදුලි කප්පාදුව නිසා දැඩි ඉටිපන්දම් හිගයක් !

Date:

රටේ බොහෝ ප්‍රදේශවල ඉටිපන්දම් හිගයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. මෙම හිගයට හේතු වී ඇත්තේ එකවරම ඉටිපන්දම් සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වීමයි.

සති කිහිපයක සිට විදුලි කප්පාදුවක් සිදුවන බවට වාර්තා පළ වූ අතර මේ නිසා විදුලි කප්පාදුවට මුහුණ දීම සඳහා ඉටිපන්දම් මිලදී ගැනීමට ජනතාව පෙළඹී සිටී.

ඇති වූ දැඩි ඉල්ලුමට සාපේක්ෂව ඉටිපන්දම් නිෂ්පාදනයද අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. පොරතෙල් පිරිපහදුවේ අතුරු ඵලයක් ලෙස ඉටි නිපදවන අතර පසුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අඩාල වීම හේතුවෙන් ඉටි නිෂ්පාදනයද අත්හිටුවා තිබෙනවා. මේ නිසා ඉටිපන්දම් නිෂ්පාදනය ද ඉදිරියේදී සම්පූර්ණයෙන් ඇණහිටිනු ඇති බවයි විදුලි වෘත්තීය සමිති පවසන්නේ.

මීට පෙර ඉන්ධන සම්බන්ධයෙන්ද මෙවැනි තත්වයක් මතුවිය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බවට දිගින් දිගටම ප්‍රකාශ කරද්දී ජනතාව අවස්ථා කිහිපයදී පෝලිමේ ගොස් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කළේය.

වෙනත් බොහෝ ක්ෂේත්‍රවලට අදාලව ද ඇමතිවරුන් සිදු කරන ප්‍රකාශ කෙරෙහි විස්වාසය නොතබා කටයුතු කිරීමට ජනතාව පෙළඹී සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

සැප්තැම්බර් 13, කොළඹ (LNW): ඇය වූයේ උදාහරණයක්.අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල...

IMF ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha ශ්‍රී ලංකාවට දුන් සහතිකය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථිකය...

අපේ කට්ටිය ජපානයේ සිට ලෝකය දිනන සටනට සූදානම් වන අයුරු

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ලෝකයේම අවධානය මේ මොහොතේදී ජපානය වෙත...

රත්නපුරෙන් බිහි වූ වේගයන් අලුත් වේගය සොයන්නට රත්නපුරයට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 17 – 25...