බදුල්ලෙ අයටත් කජීමා වත්තෙ ගෙවල් තියනවා – ගින්න ගැන සොයන්න කමිටුවක් ඉල්ලමින් ප්‍රසන්න කියයි

Date:

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණි. ඒ, සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊයේ රාත්‍රී මෝදර කජීමා වත්තෙහි ඇති වූ ගින්න සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා අද පෙරවරුවේ කජීමා වත්තේ සංචාරයක නිරත වූ අතර එහි තත්වය සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කර තිබේ.

මෙම ගින්න සම්බන්ධයෙන් සෙවීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා. විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අපහසුතාවට පත් වූ ජනතාවට කඩිනමින් සහන සැළසිය යුතු බව අමාත්‍යවරයා පවසා තිබේ.

කජීමා වත්තේ පදිංචිව සිටින පවුල්වලින් නිවාස අත්‍යවශ්‍ය අය හඳුනාගෙන ඔවුන්ට නිවාස ලබාදිය යුතු බව සඳහන් කරන අමාත්‍යවරයා, බදුල්ලේ පදිංචි ඇතැම් පුද්ගලයන්ට පවා මෙම වත්තේ නිවාස තිබෙන බවද පෙන්වා දුන්නේය. එවැනි පුද්ගලයන්ට බදුල්ල ප්‍රදේශයෙන්ම නිවාස ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම වතු නිවාස ආශ්‍රිතව නිරන්තරයෙන් ගිනි ගැනීම් ඇතිවීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය වසර එකහමාරක කාලය තුළ අවස්ථා 03 කදී ගිනි ගැනීම් සිදුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...