බදුල්ලෙ අයටත් කජීමා වත්තෙ ගෙවල් තියනවා – ගින්න ගැන සොයන්න කමිටුවක් ඉල්ලමින් ප්‍රසන්න කියයි

Date:

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණි. ඒ, සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊයේ රාත්‍රී මෝදර කජීමා වත්තෙහි ඇති වූ ගින්න සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා අද පෙරවරුවේ කජීමා වත්තේ සංචාරයක නිරත වූ අතර එහි තත්වය සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කර තිබේ.

මෙම ගින්න සම්බන්ධයෙන් සෙවීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා. විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අපහසුතාවට පත් වූ ජනතාවට කඩිනමින් සහන සැළසිය යුතු බව අමාත්‍යවරයා පවසා තිබේ.

කජීමා වත්තේ පදිංචිව සිටින පවුල්වලින් නිවාස අත්‍යවශ්‍ය අය හඳුනාගෙන ඔවුන්ට නිවාස ලබාදිය යුතු බව සඳහන් කරන අමාත්‍යවරයා, බදුල්ලේ පදිංචි ඇතැම් පුද්ගලයන්ට පවා මෙම වත්තේ නිවාස තිබෙන බවද පෙන්වා දුන්නේය. එවැනි පුද්ගලයන්ට බදුල්ල ප්‍රදේශයෙන්ම නිවාස ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම වතු නිවාස ආශ්‍රිතව නිරන්තරයෙන් ගිනි ගැනීම් ඇතිවීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය වසර එකහමාරක කාලය තුළ අවස්ථා 03 කදී ගිනි ගැනීම් සිදුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...