කොළඹ LNW:අද (29) සිට ක්රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ප්රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව තිරුඟු පිටි කිලෝග්රෑමයක් රුපියල් 17කින් ඉහළ දැමීමට එම සමාගම් පියවර ගෙන ඇති අතර ඉහළ දැමූ තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ එළැඹෙන සඳුදා (31) එම සංගමයේ මධ්යම කාරක සභාව රැස්වීමට තීරණය කර ඇත.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ එදින රැස්ව පාන් ඇතුළු අනෙකුත් ආහාරවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.


