පරිණාමය…

මහේෂ් හපුගොඩ

හරි අපි ජවිපෙ දළදා මාළිගාවට හරි වාසනා හස්තියාට හරි වෙන මොකක් හරි එකකට බෝම්බ ගැහුවා කියමුකෝ. ඒ වගේම බස් ගිනි තිබ්බ, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බ කියලත් කියමුකෝ.

මට පේනවා සමහරු කියනවා මෙට්‍රෝ බස් සීයක් ගෙනල්ල මදි ගිනි තියපු බස් තුන් සීයක් තියනවා කියල. ඇත්තටම මට නම් මේ ගණන් හිලව් මතක නැහැ. වගේම වැඩකුත් නැහැ.

එක්තරා අවස්ථාවක ජවිපෙ යම් අරගලයක හිටිය. ඒ අරගලය ඇතුලේ අපි කැමති දේවල් වගේම අකමැති දේවලුත් උනා.

නමුත් මට තේරෙන්නේ නැහැ ජවිපෙන් ගේම ඉල්ලන (ජාතික ජන බලවේගයෙන් ගේම ඉල්ලනවටත් වඩා) ඇරියස්කාරයෝ නැත්නම් ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා උංට මොකක්ද කරන්නේ කියල. උංව සුවපත් කරන්න බැහැ. හේතුව උංට සුවපත් වෙන්න ඕනි නැහැ.

මේ ඇරියස්කාරයෝ එක්කෝ 1972 කැරැල්ල ළඟ නැවතිලා (දැන් නම් ගොඩක් උං මැරිලා හින්ද ගාණක් නැහැ). නැත්නම් 88-89 ළඟ නැවතිලා ජවිපෙන් ගේම ඉල්ලනවා.

88-89න් ගේම ඉල්ලන කාටවත් මතක නැහැ ජවිපෙ 88-89න් ගැලවිලා දශක තුනක් ඉස්සරහට ඇවිල්ල ලංකාවේ පාලන බලයත් අරගෙන ඉවරයි කියල. ජවිපෙ ඇරියස් විවේචකයෝ තාම 88-89 ළඟ නැවතිලා. ජවිපෙ 2026 දක්වා පරිණාමය වෙලා. ඒ පරිණාමයේ ප්‍රථිපලයක් හැටියට ලංකාවේ බහුතරයක් එයාලගේ පරිණාමය පිළිඅරන් එයාල එක්ක ඉදිරියට ගිහිල්ල.

අරගලය එක්ක සහ ඊට පස්සේ ආව පළවෙනි මැතිවරණය එක්ක ජාතික ජන බලවේගේ පාලන බලය ගන්නවා. ඒ ජනතා කැමැත්තක් එක්ක. ඊට පස්සේ ලොකු අවුලක් කරගන්නේ නැතුව මේ දක්වා ඇවිල්ල තියනවා. වැදගත් වෙනස්කම් කරමින් ඉන්නවා. දූෂිත ක්‍රමය යම් තරමකින් වෙනස්කරමින් ඉන්නවා.

මේ එක්ක තමයි දළදා පෙරහැර නැවැත්වීමක් ගැන හිතන්නවත් හොඳ නැහැ වගේ දෙයක් අනුර පැහැදිලිව කියන්නේ. ඒක ඔවුන්ගේ දේශපාලනයේ ලොකු වෙනසක්.

ඒ එක්ක තමයි අනුර අර වයෝවෘද්ධ හොරණෑ ශිල්පියගේ අතින් අල්ලලා කතාකරන්නේ. අනික් අයත් සහතික දුන්න තමයි. හැබයි අනුර තව අඩියක් ඉස්සරහට ගිහින් අතින් අල්ලලා නැමිලා කතාකරනවා. මනුස්සකමක් පෙන්වනවා. ඒක වෙනසක්.

මේ 88-89 ජවිපෙ නෙවෙයි. ගොඩක් පරිණාමය වෙච්ච ජවිපෙයක්. ඇරියස්කාරයෝ 88 ලැගගෙන ඉන්නකොට ඇත්ත ජවිපෙ කොච්චර වෙනස් වෙලාද?

විශේෂයෙන් අනුර එක්ක ජවිපෙ අදිරය කිහිපයක් එකවරම ඉස්සරහට ගිහිල්ල තියනවා. මිනිස්සු දිනාගෙන තියෙනවා. මිනිස්සුන්ට දැනිල තියනවා.

තවත් මිනිස්සු දිනාගනිමිනුත් ඉන්නවා. ❤

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...