රෂිකා හෙන්නායක අගෝස්තු 30, කොළඹ LNW :
ඇඹිලිපිටිය කඩදාසි කම්හල් පරිශ්රයේ අපද්රව්ය ගබඩා කිරීම සඳහා යොදා ගන්නා ගබඩාවක අද (30) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
පස්වරු 3.20ට පමණ මෙම ගින්න පිළිබඳව වාර්තා වූ අතර, එය මැඩපැවැත්වීම සඳහා කඩදාසි කම්හලේ ගිනි නිවන ඒකකය, ශ්රී ලංකා යුද්ධ හමුදාව, පොලිසිය, ඇඹිලිපිටිය නගර සභාව සහ සෙවනගල සීනි කම්හලේ ගිනි නිවන අංශය එක්ව කටයුතු කළහ.
ගින්න කම්හලේ අනෙකුත් ප්රදේශවලට පැතිරීම වැළැක්වීමට බලධාරීන් පියවර ගත් අතර, අවසානයේදී ගින්න පාලනය කිරීමට ඔවුහු සමත් වූහ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


