වියළි කාලගුණය නිසා පුද්ගලයින් 82000 ආසන්න පිරිසක් පීඩාවට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වියළි කාලගුණය නිසා පුද්ගලයින් 81929ක් ආපදාවන්වලට ලක් වී ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24ක පවුල් 25644ක පුද්ගලයින් 81929 ආපදාවන්ට ලක්වී සිටින බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනන්සුරිය මහතාතා පවසන්නේ.

ඉදිරියේදී එන ඕනෑම තත්ත්වයන් සඳහා මුහුණ දීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානය සූදානමින් පසුවන බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සහන සේවා කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දී ඇති බවත් යම්කිසි ආකාරයකින් ආපදා තත්වයන්ට මුහුණ දුන්න් පිරිස අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අපොහොසත් වී සිටී නම් ග්‍රාම නිලධාරී මහතා දැනුවත් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු සඳහන් කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ