ඔබ නැති හෙට මා කවරක් කරන්නද ….?

නික්මෙන්න පෙර සදහට
යන්තමින් විවර දෑසින්
කාලය මඳක් නතර කර
බලා සිටියා මා දෙස.

යන්නම් කියා මිමිණුවාද?
සංඥා කරන්නට වෙර දැරුවාද?
සිනාසෙන්නට තතනමින්
මා හඬනයුරු දුටුවාද?

ඉස්ගෙඩියන්ට මාලුවන් කියා මා රැවටූ
පස්සෙන්ම ඇවිදින් හිනායන කතා පැවසූ
ඉස් ඉස්සෙල්ලාම හාදුවක් ගෙල තැවරූ
හිස් තැන් දැනෙන්නට ඉඩ කඩක් නොතැබූ

අත් හැරියේ ලෝකයම මා හින්දා
අත් අත් අල්ලාන අප මෙතෙක් උන්නා
හිත් රිදෙන වෙලාවෙත් සිනා නංවා
මත් වෙලා සිටියෙමු සෙනෙහෙ රන්දා.

ඔබ නැති හෙට මා කවරක් කරන්නද ?
ඉඹ ඉඹ ඔබේ සළුපිළි අස් කරන්නද ?
හද ගලවලා නොපෙනෙන තැනක තියන්නද?
හඳ එළියට මගෙ තනිකම කියන්නද?

දුර තාරුකාවක ඔබ දැන් වෙසේ නම්
දුර දක්නෙකින් බැලුවත් නොම පෙනේ නම්
සෝබර වලාකුලකින් තරු වැසේනම්
ඒ මගෙ කඳුලු බව ඔබහට දැනේ නම්!

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...