ශිරාන් බාසික් ගැන ප්‍රශ්න කිරීමට හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග CCIBයට කැඳවයි !

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් සම්බන්ධ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංගට මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව අද (01) පෙරවරු 09.00 ට එම කාර්යාංශයට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රධානතම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනා අතරින් එක් අයෙකු වශයෙන් සැලකෙන ශිරාන් බාසික් ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර ඔහුව පසුගිය අගෝස්තු 14 වනදා ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.

ඔහුව රැඳවුම් නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූ කරුණු අනුව මෙසේ ධනසිරි අමරතුංගව ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන කටයුතු සිදුකෙරේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහිවල ගල්කිස්ස නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධනසිරි අමරතුංග 2021 වසරේදී එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් ද කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ