සැප්තැම්බර් 01, කොළඹ LNW :
විදර්ශන සාහිත්ය ත්යාගය යනු ශ්රී ලාංකේය ලේඛකයන්ගේ නිර්මාණශීලීත්වය ඇගයීම සඳහා 2024 වසරේදී ආරම්භ කරන ලද සුවිශේෂී වැඩසටහනකි.
මුලින්ම අත්පිටපත් සඳහා පමණක් සීමා වූ මෙම උළෙල, 2026 වසරේ සිට මුද්රිත කෘති සඳහා ද විවෘත වෙමින් වඩාත් පුළුල් ක්ෂේත්රයක් ආවරණය කිරීමට සූදානම් වේ.
මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයෙන්ම කෙරෙන නිර්මාණ මෙන්ම පරිවර්තන කෘති ද ඇගයීමට ලක් කිරීමයි. ප්රමුඛ පෙළේ සාහිත්යධරයකු උදෙසා පිරිනැමෙන විශේෂ ගෞරව සම්මානයක් ද මීට ඇතුළත් වන අතර, මෙරට සාහිත්ය ක්ෂේත්රය වඩාත් උද්යෝගිමත් මාවතකට යොමු කිරීම මෙහි මූලික අරමුණ වේ.
ප්රධාන අංශ හයක් ඔස්සේ විහිදෙන මෙම සම්මානාවලිය, නවක ලේඛකයන්ට මෙන්ම ප්රවීණයන්ට ද සිය කුසලතා ජාතික තලයේදී ඇගයීමට ලක් කරගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි.
ඡායාරූප : අජිත් සෙනෙවිරත්න















