කොල්ලො උනාම ගහගන්නව තමයි, මං පුතාට අවවාද කළා – ප්‍රසන්න රණවීර

Date:

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් පසුගිය 26 වැනිදා කිරිබත්ගොඩ නගරයේදී ගැටුමකට මැදිව තිබිණි. උපකාරක පන්තියක් අසලදී මෙම ගැටුම සිදු වූ අතර තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබිණි.

ගැටුමට සම්බන්ධ බවට සැකපිට ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා ඇතුළු පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර පසුව ඔවුන් ඇපමත මුදා හැරිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාගෙන් මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ තම පුත්‍රයා ඇතුළු පිරිසක් සහ තවත් තරුණයන් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බවයි. තම පුත්‍රයා ඇතුළු පිරිස පහර දී ඇති බවත් ඔවුන්ටද ප්‍රහාරයක් සිදුව ඇති බවත් ඇමතිවරයා පවසනවා.

මෙම ගැටුමට තමාගේ කිසිදු මැදිහත්වීමක් නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තම පුත්‍රයාට අවවාද කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවයි. තම පුත්‍රයා යහපත් පුරවැසියෙකු මිස චන්ඩියෙකු හෝ මැරයෙකු කිරීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද රණවීර මහතා පවසනවා.

මෙම පහරදීම සඳහා ඇමතිවරයාගේ පුත්‍රයා සිය පියාගේ අමාත්‍යංශයට අයත් මෝටර් රථයක් භාවිතා කර තිබෙනවා. WP KX 8472 අංකය දරන ටොයෝටා 141 වර්ගයේ මෙම මෝටර් රථය කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කර ඇති අතර එය රාජ්‍ය අමාත්‍යවරයා සඳහා වෙන්කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග ගිනියම් වෙයි: ඉරාන-ඊශ්‍රායල යුධ ගැටුම ලෝක යුද්ධයක ආරම්භයද?

සටහන – ඔවින්දි විෂ්මිකාජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය ජුනි...

සජබෙ අයත් මාලිමාවට පෙම් බැඳලද?

කොළඹ LNW:රහසේම මාලිමාවට පෙම් බැන්ද පිරිසක් පක්ෂය තුළ සිට...

කර්මාන්ත අංශයේ නැග්මක් – වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වෙලා

කොළඹ LNW:කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීම හේතුවෙන් මේ වසරේ පළමු...

පුංචි ජන්දේ ආදායම් වියදම් වාර්තා නොදුන් ලැයිස්තුව පොලීසියට!

කොළඹ LNW:ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන...